අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අයවැයෙන් සුරංගනා ලෝක මවා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා

- විපක්ෂ නායක චෝදනා කරයි -

සජිත් ප්‍රේමදාස

අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි වී ඇති නිසා මේ වසරේ උද්ධමනය 9%දක්වා වැඩි වන බව මහ බංකු අධිපති කියන බවත් දැන් පොලි අනුපාතය පවා 9% දක්වා වැඩි කර ඇති බවත් අයවැයෙන් සුරංගනා ලෝකයක් නිර්මාණය කර පොලි අනුපාතය වැඩි වන විට ඒ සුරංගනා ලෝකයට පරමානු⁣ බෝම්බ දැමූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිදා (22) පැවැති ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ හමුව අමතමිනි.

දැන්වීම

ගොවි පුතා හොඳයි කියා බලය දීපු ගොවියා අන්ත අසරණ වෙලා

රටට බත සපයන වීරෝධාර ජනතාව අමාරුවෙන් මුදල් පොළියට ගෙන ගොවිතැන් කළත් ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ, පොහොර, තෙල් පොහොර නොමැති බවත් කලට වේලාවට පොහොර මුදල් නොලැබෙන බවත් ලැබෙන මුදල පොහොර සඳහා ප්‍රමාණවත් නොවන බවත් ගොවි උපකරණ මිල පවා අතිශය වැඩි බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම ඇතුළු අභියෝගවලට ගොවි ජනතාව මුහුණ දී අස්වනු ලබා ගත්තත් ඒ සඳහා ලැබෙන්නේද සොච්චම් මුදලක් බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ තමා සහ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අස්වැන්නට හොඳ මිලක් නොමැති නිසා ගොවියා ණය බරින් මිරිකී ඇති බවත් රටක් ලෙස වැඩිපුරම රත්රං උගස් වන්නේ වත්මන් රජය යටතේ බවත් ප්‍රේමදාසගෙ පුතාට වඩා ගොවියාගේ පුතා හොඳයැයි කියා බලයට පත් කර ගත්තත් අදටත් ගොවියාගේ අස්වනු මිලදී නොගන්නා නිසා ගොවිජනතාව බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

⁣⁣ගෝඨාභය සහ අනුර කුමාර යන දෙදෙනාම ජනතාව රැවටුවා

ගොඨාභය රාජපක්ෂ සේම අනුර කුමාර දිසානායක රජය ද ගොවියා රැවටු බවත් අනුර කුමාර රජයේ මන්ත්‍රීවරුන් ගොයම් කකා වී කිලෝවට රු.150ක් දෙන බව පැවසුවත් කෘෂිකර්ම ඇමතිවරයාට අනුව වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් යන බව පවසන බවත් එහෙත් රජය ලබා දී ඇති ස්ථාවර මිලවන්නේ රු. 120ක් බවත් මේ රජය හිතාමතාම රු. 17ක් වි කිලෝවකින් පාඩු කර ඇති බවත් බලය ගන්න පෙර ගොවියා රජතුමා ගොවියා දෙවියා යැයි හඳුන්වා බලය ගත් පසු ගොවියා කසිප්පුකාරයා යැයි මේ රජය හංවඩු ගහන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය කියන්නේ කරන්නේ බොරු කියා කුඩා දරුවනුත් දන්නවා

අද වන විට රු.120ටවත් වී විකුණා ගත නොහැකි බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව රතු නාඩු කිලෝවකට රු 76ක් සුදු නාඩ රු. 86ක් සම්බා රු 97 සහ කීරි සම්බා රු. 109ක් ලෙස කිලෝවක වියදම පෙන්වා දෙන බවත් සුදු නාඩු අක්කරයකින් කිලෝ 2016ක් නිෂ්පාදනය වන විට කිලෝවක් රු. 120 බැගින් රු 241920ක් ලැබෙන විට වියදම ලෙස රු. 175392ක් ලැබෙන බවත් එවිට ශුද්ධ ලාභය 66528ක් වන විට මාසයක ලාභය රු. 11088ක් බවත් මේක රැවටීමක් හා සාහසික අපරාධයක් බවත් දැන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කරන්නේ කියන්නේ බොරු කියා කුඩා දරුවා පවාදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය .

IMF කියන ප්‍රමාණයටත් වඩා මේ රජය බහු ගැහුවා

මේ රජය IMF කියන ප්‍රමාණයට වඩා වැඩිපුර බදු ගසා ඇති බවත් රටට ජාතික වගා සැලසුමක් අවශ්‍ය බවත් ඒ වගා සැලසුම තුලින් ගොවියාට හොඳ මිලක් ලැබෙනවා සේම සහල් ආනයනය පවා අනවශ්‍ය බවත් අප රටට වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් වුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 34ක් නිෂ්පාදනය කරන නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක අතිරික්තයක් තිබියදී මෙට්‍රික් ටොන් 342000ක් රටින් ගෙන්වා ඇති බවත් එදා විපක්ෂයේ සිටින විට හාල් ⁣රටින් ගේන්නේ කොමිස් ගහන්න යැයි කියපු වත්මන් රජයම හාල් රටින් ගෙනවිත් ඇති බවත් මේ රටට අවශ්‍ය ගොවියා රවටන ආණ්ඩුවක් නොව ගොවියා සුරකින ගොවියාට ආදරය කරන ගොවියා රැකගන්නා රජයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද පාර්ලිමේන්තුවේ ජනතා ගැටලු කතා කරන්න අයිතියක් නැහැ

අද පාර්ලිමේන්තුවේ ජනතා ගැටලු කතා කරන්න අවකාශයක් නැති බවත් ජනතා ගැටලු කතා කරන විට ඒවා ගැන කතා කරන්න තහනම් බවත් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී දරදඩු හිතුවක්කාර කුහක ආඩම්බරකාර උද්දච්ච ආණ්ඩුවක් අද රටේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තරම් උද්දච්ච ආණ්ඩුවක් නම් මීට පෙර හිටියේ නෑ

අද දරුවන්ට කිරිපිටි පෝෂ්‍යදායි ආහාර දිය නොහැකි බවත් තරුණ පරපුරට රැකියා නොමැති වීම කර්මාන්තශාලා බිහි නොවීම ආදිය ගැන කතා කරන්න අයිතියක් නැති බවත් මෑත කාලයේ කිසිම දවසක කුමන ආණ්ඩුවක්වත් මේ ආකාරයට උද්දච්ච නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා ආර්ථව දරිද්‍රතාව ගැන කියද්දි අපහාස කළ අයම ඒ සනීපාරක්ෂක පහසුකම් පාසල් දැරියන්ට නොමිලේ දෙනවා

මේ රජය විපක්ෂය කරන හොද දේවල් පවා විකෘති කරමින් යන බවත් එදා ආර්ථව දරිද්‍රතාව ගැන කතා කරන විට ඒවා පවා විවේචනය කළ අය සිටි බවත් ජනතාව රවටන්න මේ අය බොරු පිට බොරු කියුවත් අද රජය දශලක්ෂයක් දැරියන්ට මේ සනීපාරක්ෂක පහසුකම් නොමිලේ දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 3
බෙදාගන්න
අයවැයෙන් සුරංගනා ලෝක මවා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා | Lanka Newsweek