Friday 19th of June 2026

English Tamil
Advertiesment


ආණ්ඩුව හොරු අල්ලන ඒකාධිපති-අනීතික ක්‍රමයට විපක්ෂ නායකගෙන් ප්‍රහාරයක් 


2025-03-31 14873

 

ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවලා  

 

ජනතා ගැටලු ඉදිරිපත් කරමින් රජය විවේචනය කළොත් 

 

මේ ප්‍රජාතන්ත්‍රවාදය..? හොරුන් අල්ලන්නේ මෙසේ ද..? 

 

ආණ්ඩුව විපක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් දඩයම ආරම්භ කරලා 

 

විපක්ෂ නායක චෝදනා කරයි 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

රටේ ලක්ෂ 220 ජනතාවට නම් අවිධිමත් අදක්ෂ අකාර්යක්ෂම නොහැකියාවෙන් පෙළෙන රාජ්‍ය පාලනයක් රටේ ඇති බවට පෙනෙන්නට ඇති බවත් ජනාධිපතිවරයා සහ ඇමතිවරු ප්‍රමුඛ රජයේ මන්ත්‍රීවරුන්ට අනුව වැඩියෙන් කෑ ගහන තරමට හිරගෙදර යන ලැයිස්තුව නිර්මාණය කරන බවට පවසන බවත් කෑ ගහපු තරමට හිරේ යන්න සිදුවෙන බව පවසන බවත් පාර්ලිමේන්තු රැස්වීමත් හිරේ තියන්න යෝජනා කරන බවත් මේ අනුව පෙනී යන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඉඩක් නොමැති බවත් විවිධ මත, තර්ක ඉදිරිපත් කරන්න ජනතාවට මෙන්ම මන්ත්‍රීවරුන්ට නිදහසක් නොමැති බවත් මේ රජයට අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියා අමතක වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර, කුණ්ඩසාල ආසනයේ සමගි ජන බලවේග අපේක්ෂකයන් සමග පැවැති ජන හමුවකදීය

විවේචන, වැරදි නිවැරදි කිරීම්, කරුණු පෙන්වා දීම හිර ගෙදරට බන්ධනාගාරයට යාමට හේතුවක් වී ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ⁣මේ කතා කියා තර්ජනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
අද කතා කිරීමේ නිදහසටත් වැට බැඳලා

 

මේ භයංකාර කතා තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම ඉස්මතු වන බවත් භාෂණයේ නිදහස මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් රජයේ මන්ත්‍රීවරුන්ට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දුන් 15% පොලිය වෙනුවෙන් කතා කිරීම, රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් කතා කිරීම, ගුරු විදුහල්පති වැටුප් ගැන, සුර්ය බල ශක්තිය ගැන කතා කිරීමත් ඩීසල් මාෆියාව විවේචනය කිරීහ විරුද්ධ වීම ද මහජන ආරක්ෂාව ගැන කතා කිරීම, මිනිමරු සංස්කෘතිය ගැන කතා කිරීම බන්ධනාගාර ගත වෙන්න හේතුවක් වී ඇති බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් මේ ආකාරයට කටවල් වැසිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 
2/3 වරමක් දුන්නේ කටවල් වහන්න නෙවෙයි

 

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සහ මහමැතිවරණයේ 2/3 වරමක් ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මිස ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන්න නොවන බවත් ඉදිරියටත් විපක්ෂය ජනතා ගැටලු ගැන කතා කරන බවත් දුප්පත්කම තුරන් කරන රජයේ මන්දගාමිත්වය විවේචනයට ලක්කරන බවත් අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරනවා කියා හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුම අනුමගමනය කර හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම යාම විවේචනයට ලක් කරන බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පොදු ජනතාවගේ කතා කිරිමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

 
රටට විහිළු සපයන් නැතිව වැඩ කරන්න

 

හිරේ දාන කතා කියා රටට විහිළු සපයන්න එපා කියා කියන බවත් ජනතාව ජන වරම දුන්නේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බවත් එම නිසා විහිළු සපයන් නැතිව වැඩ කරණ ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 
ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට විරුද්ධව සමගි ජන බලවේගය පෙරට එනවා

 

ලෝකයේ දුප්පත්කම තුරන් කරන්න ආර්ථිකය සවිබල ගන්වන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය සංකල්පය වැදගත් වී ඇති බවත් බංගලිදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය හරහා මෙය ගෙන ආ බවත් අප රටේත් ජනසවිය සමෘද්ධිය හරහා මෙය ක්‍රියාත්මක වුවත් අද වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් විවිධ කුඨ ව්‍යාපාර ලෙස නිර්මාණය වී කාන්තාව ගෘහණිය සම්බන්ධ කර ගෙන ණය ලබා දී ණය මර උගුලකට ලක් කර ඇති බවත් රටේ බොහෝ ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක බවත් මෙසේ ණය බර වහලුන් නිර්මාණය කරණ කූඨ ව්‍යාපාර නියාමනය වියයුතු බවත් මේ ණය මර උගුලට විරුද්ධව සටන් කරන්න නියාමනය කරන්න සමග ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment