Friday 19th of June 2026

English Tamil
Advertiesment


ජවිපෙ තුළ ටිල්වින් චූදිතයෙක් වෙයි..?


2025-08-13 14912

 

මේ දවස්වල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දිස්ත්‍රික් සහ කලාපීය මට්ටමින් ජවිපෙ සාමාජිකයන්ට අභයන්තර සාකච්ඡා පවත්වමින් යනවා.දිස්ත්‍රික් ලේකම්ලා හරහා තෝරාගත්ත ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් තමයි ඒකට කැඳවන්නේ.සාමාන්‍යයෙන් ජවිපෙ ඔය වගේ සාකච්ඡාවකට යන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති උනහමයි.ඒ කියන්නේ ජවිපෙට හතුරෙක් ඇතිවුනාම සහ ඒ හතුරාගේ බලපෑම ජවිපෙ ඇතුලට දැනෙන්න පටන් ගන්නකොට. දැන් හතුරා මාලිමාව.මාලිමාවෙත් හරිනි අමරසූරිය.

මේ දවස්වල හරිනි හතුරාවෙලා නිසා ජවිපෙට අපිව අමතකත් වෙලා.ටිල්වින් යන සාකච්ඡාවලදී හරිනිගේ පෞද්ගලික ජීවිතය, දේශපාලනය සහ පාවාදීම ජවිපෙ සාමාජිකයා ඉස්සරහා දිගාරිනවා.ඉතිහාසයේ ඔය වගේ බෙදීමක් ඇති උන වෙලාවක ඔය වගේම සාකච්ඡා වටයකදී ටිල්වින් විමල් වීරවංශ ජවිපෙ දේශපාලන මණ්‌ඩලයට දුන්න ලිඛිත ස්වයංවිවේචනයක් සමාජිකයා ඉදිරියේ කියෙව්වා.සාමාන්‍යයෙන් තමන්ගේ සංවිධානයට දෙන ස්වයංවිවේචනයක් ඊට පහල සංවිධාන ඉදිරියේ කතාකරන්නේ නෑ.හැබෑයි ජවිපෙ ඉතිහාසයේ පලවෙනි වතාවට ටිල්වින් එදා ඒ පහත් වැඩේ කළා.

එදා විමල් ජවිපෙ සමාජිකයෙක් උනත් අද හරිනි ජවිපෙ කෙනෙක් නෙවෙයි.ඒක නිසා හරිනි ලිඛිත ස්වයංවිවේචන ජවිපෙට දෙන්න ඕනි නෑ.හැබැයි හරිනි වටේට තියලා ඉන්න ටිල්වින්ගේ ඔත්තුකාරයින්ගෙන් ආපු තොරතුරු ටිල්වින් ළඟ ඕනි තරම් ඇති. ඇත්තටම මේ වගේ වෙලාවක ටිල්වින් දේශපාලන ප්‍රහාරවලට වැඩිය එල්ල කරන්නේ පෞද්ගලික මඩ ප්‍රහාර.ජවිපෙ ඔත්තුකරුවොත් දේශපාලන අඩුපාඩු හොයන්නේ නෑ.එයාලා හොයන්නේ කුණු.මේ දවස්වල ජවිපෙ සංවිධන ඇතුලේ හරිනිව හෝල් සේල් පතුරු ගහනවා.

මේ සාකච්ඡාවලදී ටිල්වින් තව දෙයක් කරනවා.ඒ පක්ෂ සාමාජිකයන් අතර කිලිටිවෙලා තියන එයාගේ ප්‍රධාන ලේකම්ධුරයේ කිලිටි ටිකත් හෝදගෙන එන එකයි.ඉතිහාසයේ ටිල්වින් ඔය වැඩ දෙකම ලස්සනට කළා.හතුරාටත් පහරදීලා ටිල්විනුත් පිරිසිදු වෙලා,ටිල්වින්ට හෝදන්න ඕනි අනිත් අයවත් හෝදගෙන,කළු කරන්න ඕනි අයවත් කළු කරගෙන ටිල්වින් එනවා.හැබැයි මේ පාර ඒක එහෙමම කරගන්න බැරිවෙලා තියනවා.මේ පාර ජවිපෙ සබුද්ධික සමාජිකයෝ අතර ජවිපෙ ආණ්ඩුව කරපු කාලපරිච්ජේදයට අදාලව විවේචනයක් ගොඩනැගෙමින් තියනවා.

එයාලා අනුරට,ටිල්වින්ට සහ අනෙත් අයට දැඩි විවේචනය ගේන බව ආරංචියි.විශේෂයෙන්ම අනුර,ටිල්වින් ඇතුළු ජවිපෙ නායකයන්ගේ සදාචාර පිරිහීම් ගැන සහ දේශපාලන පිරිහීම් සංවිධාන ඇතුලේ දැඩිව ප්‍රශ්න කිරීමකට ලෑස්තිවෙන බව ආරංචියි.සමහරුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධ කරගෙන මඩ ගහන ටිල්විදන්ලගේ පෞද්ගලික ජීවිතවල තියන සදාචාර පිරිහීම් ගැනත් ප්‍රශ්න කරන්න පටන් අරගෙනලු.ඒ සංවිධාන ස්ථරය අතරට දැන් මේ සාකච්ඡාව ඇවිත්.මේ වෙනකොට ජවිපෙ ඇත්ත නායකයා සහ න්‍යායාචාර්යවරයා විදිහට ඉන්නේ ටිල්වින්.

ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවක් බලයේ ඉන්න තත්වයක් යටතේ ටිල්වින් ජවිපෙට කරන මඟපෙන්වීම් වැරදි බව ජවිපෙ දැනුවත් සමාජිකයන් අතර සාකච්ඡාවක් තියනවා.විශේෂයෙන්ම මේ මොහොතේ ජවිපෙට අවශ්‍ය කරන රාජ්‍ය තාන්ත්‍රික මඟපෙන්වීම කරන්න ටිල්වින් අසමත්වෙලා තියනවා.ටිල්වින්ගේ භාවිතාව විසින් ලොකු රාජ්‍ය තාන්ත්‍රික අවුලක් හදලා තියනවා.ටිල්වින් තවමත් ඉන්නේ විපක්ෂ මානසිකත්වයක.ටිල්වින්ට එයාගේ අර්ධ මිල්ටරි මානසිකත්වයෙන් මිදෙන්න තවමත් බැරිවෙලා තියනවා.

ඒක විසින් ටිල්වින් තෝරන දේශපාලන උපක්‍රම රටේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට බාධා කරමින් තියනවා.උදාහරණයක් විදිහට අපි සහ ඉන්දියාව අතර හොඳ හිත පළඳු කරන්න ටිල්වින්ගේ භාවිතාව දැඩි ලෙස බලපාලා තියනවා.ඒ ටිල්වින් ඇතුලේ තියන ඉන්දීයන් විරෝධය හින්දා නං නෙවෙයි.ටිල්වින්ම කියන විදිහට එයා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන අදහස අත්හැරලා තියෙන්නේ 1976දී.ඇත්තටම මෙතන බලපාලා තියෙන්නේ ටිල්වින්ගේ තියන දාර්ශනික දුප්පත්කමයි.ඔයාලට මතක ඇති මේ අවුරුද්දේ අප්‍රියෙල් මාසේ ඉන්දීය අගමැති මෝදී ලංකාවට ආවා.

එතනදී අනුර මෝදිට මිත්‍ර විභුෂණ සම්මානය දුන්නා.රාජ්‍ය තාන්ත්‍රිකව හිතුවොත් ඒක පට්ට මෝඩ වැඩක්.ලෝකයේ අපට හිතවත් රටවල් ගණනාවක් තියෙද්දී එක රටක නායකයෙකුට විතරක් මිත්‍ර විභූෂණ දෙන එක වැරදියි.ඒ වැරැද්ද පෙන්වන්න ටිල්වින්ට බැරිවුනා.මෝදි ආවේ ඔය සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි.මෝදිට මිත්‍ර විභූෂණ දීලා අපි අනවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ලෙඩක් දාගත්තා.ඒ වැරද්ද කලාට පස්සේ මැයි දිනයට ටිල්වින් ඉන්දීය විපක්ෂ නියෝජිතයෝ ගෙන්නගෙන මෝදිට හොඳටම දෙහිකැපුවා.

ඉන්දියන් මහ කොමසාරිස්වරයා කියලා තිබුණේ ඉන්දියන් අගමැති ගෙනත් පත්තු කරපු ආචාර වෙඩිමුරවල සද්ධයට වඩා ඉන්දියාවට එරෙහිව ජවිපෙ මැයි දින වේදිකාවේ පත්තු කරපු වෙඩිවල සද්ධය වැඩියි කියලා.

ඒ එක නියෝජිතවරියක් කිව්වේ මෝදි එන්නේ ලංකාව යටත් කරගන්න කියලා.එතකොට ඉතින් මෝදිට මිත්‍ර විභුෂණ දීලා මෙයාලා යටත්වීමේ ගිවිසුම් හතක් අත්සන් කරලා ඉවරයි.ඒ කියන්නේ ටිල්වින්ලා තෝරගන්නේ අපේ රටේ ජාතික අවශ්‍යතාවයට පරස්පර අන්තය.ඊට පස්සේ ඊටත් පරස්පර අන්තය.ඒ කියන්නේ මෙයාලට කිසිම දේශපාලන උපායමාර්ගක් නෑ.වැල යන විදිහට මැස්ස ගහනවා.ටිල්වින් චීනේ ගිහින් ඇවිත් චීන කොමියුනිස්ට් පක්ෂ පාවා දුන්නා විතරක් නෙවෙයි ආණ්ඩුව චීනයට පක්ෂපාතී බවත් විවෘතව ලෝකෙට පෙන්නුවා.

ඇත්තටම ඒක තුලින් බටහිර සහ ඉන්දියානූ තානාපති අංශ අපි ගැන කුකුසක් හදාගන්න එක නවත්වන්න බෑ.මේ වගේ මෝඩ වැඩ ගොඩක් ජවිපෙ පැත්තෙන් වුනා.ඒවාට අනුර සහ ටිල්වින් වගකියන්න ඕනි.ඇත්තටම මේවා ගැන ජවිපෙ ඇතුලේ එක්තරා දූරකට සාකච්ඡාවක් නිර්මාණය වෙලා තියනවා.ඒ වගේම ජවිපෙ තවත් ස්ථරයක් පෙරටුගාමීන්ට ඇහුන්කම් දෙන බව පේනවා. පෙරටුගාමින් රැඩිකල් ජවිපෙ ස්ථරයට කතා කරනවා.රාජ්‍ය බලය ගත්තට පස්සේ ජවිපෙ තමන්ගේ සාමාජිකත්වයට ඇහුම්කම් දීම අතහැරියා.

එයාලා ඇහුම්කන් දෙන්න පටන් ගත්තේ මේ රටේ ජාවාරම්කාර ධනපති පන්තියේ නෝනලාට සහ මහත්තුරුන්ට.අන්තිමට අනුරගෙන් වැඩක් කරගන්න ප්‍රමිෂ්කා නෝනට හරි බෙනීටා නෝනට හරි කතා කරන්න ඕනි කියන තැනට සමාජ මතයක් හැදිලා තියනවා.අනූරගෙන් නෙවෙයි ටිල්වින්ගෙන්,හදුන්ගෙන් වැඩක් කරගන්න නං අහවල් අයට කතා කරන්න කියන තැනට කතා බහක් සමාජයේ හැදිලා තියනවා.රටේ රාළට ඒ නම් කියන්න ඕනි නෑ.අභියෝග කරනවා නං කියන්නත් ලෑස්තියි.ඒවා බොහොම නරක විදිහට ජවිපෙ සාමාජිකයා ඇතුලට කිදා බැහැලා තියනවා.ජවිපෙ පක්ෂයක් විදිහට තියාගෙන ආපු විනය එදා කැඩුවෙත් ටිල්වින්ලා,හදුනෙත්තිලා තමයි.

අදත් ආණ්‌ඩුවක් විදිහට පවත්වාගන්න ඕනි රාජ්‍ය තාන්ත්‍රිකහාවය,සමාජ විනය සහ සදාචාරය කඩලා දාන්නෙත් ටිල්වින්ලාම තමයි.ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මාලිමා පාර්ශවය ඇතුලේ නෙවෙයි.ප්‍රශ්න තියෙන්නේ තවමත් ජවිපෙ ඇතුලේ.දැන් ජවිපෙ ඇතුලෙන් ටිල්වින්ලා ප්‍රශ්න කරන්න පටන් අරන්.

 

- රටේ රාළ -

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment