Friday 19th of June 2026

English Tamil
Advertiesment


ඇමැති මාරුවෙන් නොපෙනී ගිය බිමල් ආපසු මතු වූ හැටි මෙන්න


2025-10-29 14914

 

(අචින්ත මධුර)

 

මීට මාසයකට පමණ පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝදනයක් සිදු කරනු ලැබූ අතර එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් දරණු ලැබූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරය ඔහුගෙන් ඉවත් කර නගර සංවර්ධන අමාත්‍ය ධූරය එක් කරනු ලැබීය.

බිමල් රත්නායක මහතා දැරූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරය මෙලෙස ඔහුගෙන් ඉවත් කරනු ලැබුවේ රතු ලේබල් කරන ලද කන්ටේනර් වරායෙන් පැන්නීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී ඇති පසු බිමක වීම සමාජය තුල දැඩි කතා බහට ලක් විය. සමාජ මාධ්‍යයේ පල වූයේ ආණ්ඩුවේ කන්ටේනර් 323ම බිමල් රත්නායක ඇමතිවරයා මතට අවසානයේදී කඩා වැටුණු බවයි.

එතෙක් නිතර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි බිමල් රත්නායක ඇමතිවරයා ඉන් පසුව දැඩි නිහඬ තාවයකට ලක්ව මාධයෙන් වසන් වී සිටීමට කටයුතු කළ අතර, මෙම අමාත්‍ය මණ්ඩල සංශෝදනයෙන් පසු පළමු වතාවට එතුමා අඟහරුවාදා (28) වේයන්ගොඩදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය. 

ඒ ගම්පහ වේයන්ගොඩට බහුවිධ භාණ්ඩ ප්‍රවාහන, ඇසුරුම්කරණ සහ ගබඩාකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබද සොයාබැලීමට පැමිණි අවස්ථාවේදියි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment