(හේමන්ත තුසිත කුමාර)
සිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබේ.
2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මහනුවර දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වීම සහ ඒ වෙනුවෙන් එම ජනතාවට ආචාර කිරීමට අවස්ථාව උද කර ගැනීම ඊට හේතු වී තිබේ.
මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කරුණු විමසා අති අතර පළාත් පාලන පාලන මැතිවරණ සටන මහනුවරින් ආරම්භ කිරීමට එම ජනයා ඕනෑම අවස්ථාවක සූදානම් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.
“අප චාරිත‍්‍රානුකුලව දළදා වහන්සේ වැඳ පුදා ගෙන මේ පළාත් පාලන මැතිවරණ සටන මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. ශීලාචාර රජයක් බිහි කළ යහ පාලන අපේ රජයට ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබෙන එක ඒකාන්තයි.
ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය අප ඡන්ද අසු එක් දහසකින් දිනුවා. පාර්ලිමේන්තු මැතිවරණයත් එක් ලක්ෂ තිස් දහසකින් දිනුවා.එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරනවා .
ඒකාබද්ධ විපක්ෂයත් එක්ක අනාගතයක් නොමැති නිසා එම පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු පවා දවසින් දවස ඒකාබද්ධ විපක්ෂය අත්හැරලා යනවා.ඉදිරියේදී තවත් විශාල පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ඇත හැර ආණ්ඩුවට එක් වනු නියතයි.
පළාත් පාලන මැතිවරණය සඳහා අප සියලු ජාතීන් සහ ආගම නියෝජනය කරන පිරිසිදු අපේක්ෂක අපේක්ෂිකාවන් ඉදිරිපත් කරලා තියෙනවා.මේ ආණ්ඩුව 2025 වන තුරු ඉදිරියට යනවා . ඉදිරි කාලයේදි අගමැති රනි වික්‍රමසිංහ මහතා ජපන් ආධාර යටතේ මහනුවර නගරයේ විශේෂ සංවර්ධන වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න යනවා. ඒ නිසා මුළු රටේම සංවර්ධන වැඩ කටයුතු කර ගෙන යන්න එක්සත් ජාතික පෙරමුණ රජයක් බිහි කරන්න කියලා ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.
Lanka Newsweek © 2026