(සුජිත් මංගල ද සිල්වා)
මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු 45ක් සහිත යෝජනාවලිය ජාතික ආර්ථික සභාවේ මධ්‍ය කාලීන වැඩ පිළිවෙළක් ලෙස ස්කඡාවට ගැනීමට කැබිනට් මණ්ඩලය අද (27) තීන්දු කළේය.
ඊට අදාළව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට උපදෙස් දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාවලිය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පියවර ගනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ මේ යෝජනාවලිය වහාම ක්‍රියාත්මක කරන ලෙසට බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කැබිනට් මණ්ඩලයේදී කළ ඉල්ලීමට අනුවය.
ආණ්ඩුව ඉදිරි මාස 18 ඇතුළත දී ක්‍රියාත්මක කළ යුතු යෝජනා 45ක් ඇතුළත් මේ කැබිනට් සංදේශය පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පසු ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදීය.
Lanka Newsweek © 2026