Friday 19th of June 2026

English Tamil
Advertiesment


නාවික හමුදාවට තවත් අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක්


2018-04-20 14860

(නිලන්ති චන්ද්‍රසේන)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (19) කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී අධිකාරිත්වයට පත් කෙරිණි.

‘සිඳුරළ’ නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධි තාක්ෂණික නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සිදු කළේ, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ ය.

මෙම නෞකාව ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගණයේදී  නිෂ්පාදනය කළ අතර මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව යි. ‘සිඳුරළ’ නෞකාවේ දිග මීටර් 105.7ක් වන අතර පළල මීටර් 13.6ක් වන අතර සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයකින්ද මෙය සතුවේ. මෙහි නැව් මුළුව නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් සමන්විත වේ.

පසුව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස නෞකාවේ නවීන පහසුකම් සහ උපකරණ පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment