(නිලන්ති චන්ද්‍රසේන)
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළ බැසීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සහ අපනයන භාණ්ඩ රැසක මිල සැලකිය යුතු මට්ටමකින් ඉහල යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අගවති.
ඒ අනුව ගෑස්, කිරිපිටි, පරිප්පු ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යා හැකි බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සීල මහතා සඳහන් කරයි. එලෙසම භාණ්ඩ අපනයන කිරීමේදී දෙගුණයක ගාස්තුවක් ගෙවීමට සිඳුවන බැවින් මෙරටට ආනයනය කරන භාණ්ඩ වලද මිල වැඩි වීමක් සිදු විය හැකි බව ඒ මහතා තව දුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් යම් කිසි හේතුවක් මත මෙලෙස ආනයනය කරන භාණ්ඩවල මිලෙහි වැඩි කිරීමක් රජය විසින් සිදු නොකර සිටියහොත් එමගින් රජයට විශාල පාඩුවක් දැරීමට ද සිදුවෙයි.
ඊයේ දිනය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සටහන් වුණේ, රුපියල් 158.69ක් ලෙස ය.
Lanka Newsweek © 2026