Friday 24th of April 2026

English Tamil
Advertiesment


රනිල් වික්‍රමසිංහ -වඩුවෙල් අතර විශේෂ හමුවක්..!


2018-10-29 14854

කඳුරට ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයට පැමිණ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් හමුවිය.

මේ වනවිටත් අරලිය ගහ මන්දිරයේ රැඳී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා  පාර්ලිමේන්තුවේදී සිය සහයෝගය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට සහතික විය.

 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් උදැසන සිටම රැස් වී කරුණු සකඡාකරමින් උද්ගතවී තිබෙන  දේශපාලන අර්බුදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටිති.

Advertiesment