Friday 24th of April 2026

English Tamil
Advertiesment


සජිත්ගේ ආතතිය යළි උත්සන්න වෙයි 


2022-08-06 15022

 

සජබයේ 15ක් සජිත් අත හැර රනිල්ට එකතු වෙයි..?

 

එජාපය වැනසීමට සජිත්ට උල්පන්දම් දුන් අයත් ඒ අතර 

 

සර්ව පාක්ෂික ආණ්ඩුවට සජබයෙන් පනින අය මෙන්න..!

 

"සජිත්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙයි" 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිහිටු වීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය පළ කරමින් ඊට එක් විය යුතු බවට සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායකයින් සහ මන්ත්‍රීවරුන් රැසක් බල කර සිටින තත්ත්වය හමුවේ එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් දැඩි මානසික ආතතියකට, පීඩනයකට සේම ව්‍යාකූල භාවයකට පත්ව සිටී.

ජනාධිපතිවරයාගේ සර්ව පාක්ෂික ආණ්ඩුවට, සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කිසිසේත් එකතු නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරයේ කියා සිටින නමුත් එම දේශපාලන ව්‍යාපාරයේ ප්‍රබලයින් රැසක් ඔහුගේ එම මතයට අවනත නොවී ඊට ප්‍රතිවිරුද්ධ දේශපාලන ස්ථාවරයක සිටින තත්ත්වය හමුවේ කිසිවක් කර කියා ගත නොහැකිව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් අනාථ වී සිටින බව වාර්තා වේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු විය යුතු බවට මෙසේ තරයේ කියා සිටින්නේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, දොස්තර රාජිත සේනාරත්න, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, තලතා අතුකෝරාළ, ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම්, මයන්ත දිසානායක, පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නිමල් වෙල්ගම, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් සහ මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් වෙති.

මෙහි විශේෂත්වය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගොස් නව දේශපාලන පක්ෂයක් සහ සන්ධානයක් යටතේ මහා මැතිවරණයට තරඟ කළ යුතු බවට එදා තරයේ කියා සිටිමින් ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාව දක්කා ගෙන ගිය ඉරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ ලැයිස්තුවේ සිටීමය. 

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් අතිශය කලකිරීමට සහ කණගාටුවට පත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතා සිය අතිශය සමීපතමයින් සමග ඉතාම කණගාටුවෙන් සහ කණස්සල්ලෙන් යුතුව කියා තිබෙන්නේ සිය ජීවිතය බඳු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය දෙකඩ වීමට ඉඩ දී බලා සිටීමට තමාට නොහැකි බවය.

සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ තමා අත හැර ජනාධිපතිවරයාගේ සර්ව පාක්ෂික ආණ්ඩුවට යන අය ගියාට පසුව තමා අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සමීපතමයින් සමග කියා ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෙක් "lankanewsweek" සමග කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එදා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර එම පක්ෂය විනශ කිරීමට අදාළව සජිත් ප්‍රේමදාස මහතාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය බල පා ඇති බවය.       

Advertiesment