ගෝලීය ජන ගහනයෙන් 60%ක ගේ නිවහන සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලෝකයට ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජපානයේ ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කියා සිටියේය.
ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළෙඳ ඒකාබද්ධතාවය එම ප්‍රධාන අභියෝග වන බව පැවසීය.
ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳව ද, විවිධ දේශපාලන පද්ධති සහ නිර්වචනවලට ද ගරු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
Lanka Newsweek © 2026