Friday 19th of June 2026

English Tamil
Advertiesment


විපක්ෂ නායකගෙන් ජනපතිට සුළු අවවාදයක්..!


2023-10-06 14890

 

ආගමික නායකයන් අතර භේද ඇති කරනු එපා

 

එසේ කිරීම මහා පාප කර්මයක් 

 

කාදිනල් හිමියන් සහ රදගුරු සම්මේලනය අතර ගැටුමක් නැහැ

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ DW නාලිකාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සහ රදගුරු සම්මේලනය අතර පරස්පරතා ඇති බවට ඉඟි කර ඇති බවත්, ජනාධිපතිවරයාගේ එම කතාව ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් අති උතුම් හැරල්ඩ් ඇන්තනී පියතුමා විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ජනාධිපතිවරයා පවසන ආකාරයේ කිසිදු පරස්පරතාවයක් රදගුරු සම්මේලනයේ නොමැති බවත්, තම ඉල්ලීම වන්නේ, ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බවත් උන්වහන්සේ අවධාරණය කර තිබූ බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

ආගමික නායකයන් අතර භේද ඇති කිරීම දැඩි පාපයක් බවත්, එවැන්නක් සිදු නොකොට පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවක් නොමැති බව පැවසුවත්, ඔහු ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව ඉස්මතු කළ ආකාරයද විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ විගස මෙලෙස වෙනස්වීම ගැටලු සහගත බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

"Chanel-4" වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ සිදු කරන විමර්ශන සේම පාස්කු සිදුවීම පිළිබඳව දේශීය වශයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳවද මෙවැනි තත්ත්වයක් හමුවේ තමා ඇතුළු සමගි ජන බලවේගයටද විශ්වාසයක් තැබීම අසීරු බවත්, කාදිනල් හිමියන් සහ රදගරු සම්මේලනය ඉල්ලා සිටින ජනාධිපති කොමිසමේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස තමා ද ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසීය. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment