Friday 19th of June 2026

English Tamil
Advertiesment


TIN අංකයක් ලබා ගැනීම ජාතික හැඳුනුම්පතක් ළඟ තබා ගැනීමට සමානයි


2024-01-16 14876

 

බදු අය කරන්නේ ආදායම් උපයන ඇති හැකි අයගෙන් පමණයි 

 

2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් 

 

2024 දී 3%ක සහ 2025 දී 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ 

 

හිටපු මුදල් ඇමති අවධාරණය කරයි 


"TIN" අංකයක් ලබා ගැනීම යනු ජාතික හැඳුනුම්පතක් ළඟ තිබා ගැනීමට සමාන ක්‍රියාදාමයක් යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

කොළඹ නිව් කදිරේෂන් කෝවිලේ තෛපොංගල් උත්සවයට එක් වීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, මෙම "TIN" අංකය ලබා ගැනීම මගින් මෙතෙක් නිතයානුකූල නොවුණු ක්‍රියාවලියක් නීත්‍යානුකූල වන බවය. 

"කඩා වැටී තිබුණු ආර්ථිකය ක්‍රමානුකුලව හොඳ අතට හැරෙමින් තිබෙන්නේ යැයි ද, බදු අය කර ගන්නේ ආර්ථික ශක්තියක් තිබෙන අයගෙන් පමණක් යැයි ද, ඒ අනුව "TIN" අංකයක් තිබූ පමණින් බදු ගෙවීමට සිදු නොවන්නේ යැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය. 

2024 වර්ෂයේ දී 3%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ද, 2025 දී එම ආර්ථික වර්ධනය 5%දක්වා ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් වනු ඇති බව පෙන්වා දුන් රවී කරුණානායක මහතා ඒ අනුව තව දුරටත් මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි ද විශ්වාසය පළ කළේය. 

රටේ ආර්ථිකයේ රැඩිකල් පෙරළියක් සිදුව ඇති තත්ත්වය හමුවේ තව දුරටත් රුපියලේ වටිනාකම අඩු වී උද්ධමනය ඉහළ නොයනු ඇතැයි ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේය.

2024 වර්ෂයේ දී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගනිමින් එම ආදායම 15%ක ඉලක්කයකින් අවසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි ද රවී කරුණානායක මහතා සඳහන් කළේය. 

රටට අලුත් ආර්ථිකයක් අවශ්‍ය යැයි ද, ජනාධිපතිවරයා ඉතා සැලසුම්සහගත ලෙස එම ආර්ථිකය රටේ ගොඩනගමින් සිටින්නේ යැයි ද පැවසූ රවී කරුණානායක මහතා ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේ එම ආර්ථිකය රැකියා උත්පාදනය කරන, විදේශ විනිමය අතිරික්තයක් ලබා දෙන සහ අතිරික්ත ආදායමක් ලබා දෙන ආර්ථිකයක් විය යුතුය යන්නැයි ද පෙන්වා දුන්නේය. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment