පොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ. පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ…
ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ.
පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (02) පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර සිටියහ.
ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් “රන් වී කරල” නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1