අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ගොවියාගේ පුතාට රටේ භාරකාරීත්වය ලබා දී අද ගොවි ජනතාව අන්ත අසරණ වෙලා

- විපක්ෂ නායක -

සජිත් ප්‍රේමදාස

පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර ඇති කර ගත් සමාජ ගිවිසුම හා අවබෝධතාව අද කඩ කර ඇති බවත් පොළොන්නරුවේ ද අනුරාධපුරයේ ද සමගි ජන බලවේගයේ ගොවිජන සම්මුතිය ඉදිරිපත් කළ නමුත් බහුතරයක් ගොවි ජනතාව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ගොවිජන හිතවාදී වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කළ බවත් ගොවි ජනතාව ඉන් පසුව වත්මන් රජයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පත් කර ගත්තත් ඔවුන් ගොවි ජනතාවට වූ පොරොන්දු අද කඩ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙයිඅත්තකණ්ඩියේ පොළ අසල සෙනසුරාදා (24) පැවති ගොවි හමුව අමතමිනි.

දැන්වීම

අප රටේ ගොවි ජනතාව වී වගාව ගැන තොරතුරු හා දත්ත ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතු බවත් අප රටේ කන්න 2ක් සිදු කරන අතර මාස් කන්නයේ අක්කර ලක්ෂ 20ක් වගා කරන බවත් යල කන්නයේ අක්කර 1250000ක් හෙක්ටරයාර වශයෙන් මාස් කන්නයේ ලක්ෂ 8ක් සහ යල කන්නේය ලක්ෂ 5ක් බවත් දළ වශයෙන් මාස් කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3ක් වන විට යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2ක් බවත් අප රටේ වැඩිම වී අස්වැන්න ලබා ගෙන ඇත්තේ කන්න 2ම වී මෙට්‍රික් ටොන් මිලියන 5 ඉක්මවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද කෘෂි උපකරණවලටත් වැට් ගහනවා

වගා කටයුතු කරන ගොවි ජනතාව මුදල් සොයා ගන්නේ කණකර උගස් කර ගිණි පොළියට ණය අරගෙන බවත් අමාරුවෙන් ඉඩකඩම් උගස් කර අතට ලැබෙන සොච්චම උපයෝගී කර ගෙන බිත්තර වී ගන්නා බවත් දැන් මේ කන්නයේ බිත්තර වී මිල වැඩි වී ඇති බවත් සොච්චමක් ලෙස පොහොර සහනාධාරය හෙක්ටරයාරයකට රු. 30000 බැගින් හෙක්ටරයාර් 2කට රු. 60000ක් උපරිම බවත් මේ සොච්චම් මුදලින් යූරියා ඇතුළු පොහොර ගන්න පුළුවන් ද කියා ගැටලුවක් ඇති බවත් පොහොර මිටි 2ක් පමණක් ගත හැකි බවට ගොවි ජනතාවම කියන බවත් දැන් ඇති තෙල් පොහොර හා වල් නාශක ගුණාත්මකභාවයෙන් පහළ බවත් මිල පවා කඩෙන් කඩයට වෙනස් නිසා නියාමනයක් ද නොමැති බවත් අද කෘෂි උපකරණවලට වැට් ගසා ඒවාද මිල වැඩි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ස්ථාවර මිලක්වත් හරියට නෑ

මේ නිසා සමස්ත ගොවි ජනතාව සේම රටේ සාමාන්‍ය මිනිසා මැද පන්තිය දුගී දුප්පත් ජනතාව වෘත්තීය වේදීන් අන්ත අසරණ වී අද අලි මිනිස් ගැටුම නිසා අලියාගේ සේම මිනිසාගේ ද ජිවිත හාන වන බවත් වගාහානි දේපල හාන ජීවිත හානි සිදුවන බවත් මෙය ඛෙදවාචකයක් බවත් මෙවැනි ගැටලු මැද ගොවිතැන් කළත් අද ගොවියාගේ අස්වැන්නට නිසි සාධාරණ ස්ථාවර මිල නොමැති බවත් ඡන්දය වෙනුවෙන් ජනාධිපතිකම් ගන්න බලය ගන්න ගොයම් කකා රු. 150ක ස්ථාවර මිලක් වී සඳහා දෙනවා කිව්වත් අද වී කිලෝව රු. 90-100 අතර දැන් වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බවට රජයම කියන බවත් දැන් නාඩුවලට දෙන්නේ රු. 120ක් නම් රු. 17ක් ගොවියාට පාඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බලය ගන්නකම් ගොවි දෙවියා. බලය ගත් පසු ගොවියා කසිප්පුකාරයා

විපක්ෂයේ සිටින විට ගොවියා දෙවියා ගොවියා රජවරුන් ලෙස සැලකුවත් අද බලය ගලා ගත් පසු ගොවියා කසිප්පුකාරයා වී ඇති බවත් දැන් ඇමතිවරු මහා ගාම්භීරව ගොවියාට තර්ජනය කරමින් යන බවත් වී ගොවිතැන වෙනුවට බඩඉරිගු වගා කරන්න යැයි කියන බවත් රජය එසේ කිව්වත් අද කිසිදු භේගයකට ස්ථාවර මිලක් නොමැති මෙරට ගොවි ජනතාව ඒකාධිපති ආණ්ඩු‌වෙන් බේරා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සහල් අතිරික්තයක් තිබියදී මෙ රජය සහල් ආනයනය කරනවා

එදා හාල් ආනයනය කරන්නේ ගොවියා විනාශ කරන්න යැයි නාමල් කරුණාරත්න කියන විට ජනාධිපතිවරයා එදා විපක්ෂයේ සිටින විට සහල් ආනයනය කරන්නේ කොමිස් ගහන්න යැයි පැවසුවත් අද ඔවුන් බලයට පැමිණ සහල් දිගින් දිගටම ආනයනය කරන බවත් වාර්ෂිකව අප රටේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 34ක් නිෂ්පාදනය කරන බවත් අප රටේ සහල් සඳහා ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් බවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් අතිරික්ත බවත් මේ අතිරික්ත ලක්ෂ 9 ලක්ෂ 5ක් අතුරු නිෂ්පාදන හා සත්ත්ව ආහාරවලට ගියත් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ඉතිරි විය යුතු බවත් මෙවැනි තත්ත්වයක් රටේ තිබියදී වත්මන් රජය සහල් මෙට්‍රික් ටොන් 340000ක් රටින් ගෙන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකර්ම සැලසුමක් රටට අවශ්‍යයි

අප රට සහලින් ස්වයංපෝෂිත වුවත් ක්‍රමවත් ශක්තිමත් කාර්යක්ෂම කෘෂිකර්ම සැලසුමක් නොමැති බවත් රටට විධිමත් කෘෂිකර්ම සැලසුමක් නොමැති බවත් දැන්වත් රටේ වගා රටාව හැදිය යුතු බවත් සහල් ඉල්ලුමෙන් 76%ක් රතු හා සුදු නාඩු සේම 12%ක් සම්භා සහ 12%ක් කීරි සම්භා ඉල්ලන බවත් මේ වගා රටාව නිර්මාණය විය යුත්තේ මේ සහල් වර්ග 4ටම ඇති ඉල්ලුම අනුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට ගෙන්නේ බාල පොහොරයි

ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර යෙදවුම් ගෙන ආ යුතු වුවත් අප රටට ගෙන එන්නේ බාල පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය තෙල් පොහොර බවට සහතික කර කියන බවත් මේවායේ කිසිදු නියාමනයක් නොමැති බවත් මේවාගෙන් කෝටිපතියන් වෙන්නේ මේවා ගෙන්වන සමාගම් බවත් මොවුන් ගොවියා නැත්තට නැති කර පොහොර සමාගම් හා තෙල් සමාගම් ලාභ ලබන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියා වෙනුවෙන් විධිමත් රක්ෂණ වැඩපිළිවෙළක් අවශයයි

එසේම විධිමත් වගා රක්ෂණ වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් ගොවියාට වර්ෂික වාරික ගෙවිය හැකි දරාගත හැකි මිලකට මෙන්ම රාජ්‍ය දායකත්වය දිය හැකි රක්ෂණ වැඩසටහනක් ආරම්භ කර අස්වැනන් නිවස සහ ජීවිත ආරක්ෂා කිරීම කළ යුතු බවත් ගොවි ජනතාවට ස්ථාවර මිලක් දෙනවා සේම ලක්ෂ 220ක් ජනතාවට සහන සැලසිය යුතු බවත් මහා පරිමාන මෝල් හිමියන් වී මිලදි ගත්තේ අඩු මුදලකට බවත් රජය පවා හරියට වී මිලදී ගන්නේ නැති බවත් රජය කළ යුත්තේ සාධාරණ මිල පාලනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු ගොවියා නිර්මාණය කළ යුතුයි

රජය කළ යුත්තේ සුහුරු ගොවියා නිර්මානය කිරිම බවත් මේ තැනට රටක් ලෙස අප යා යුතු බවත් ඒ සදහා සමගි ජන බලවේගය සැලසුම් සකස් කර ඇති ඩ්‍රොන් තාක්ෂණය සේම පොහොර කෘෂි රසායන යෙදවීමට නව තාක්ෂණය උපයෝගී කර ගත හැකි බවත් මිශ්‍ර පොහොර සංකල්පය අද ක්‍රියාත්මක බවත් මෙය අප රටේ ගොවි ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ගොවියාගේ පුතාට රටේ භාරකාරීත්වය ලබා දී අද ගොවි ජනතාව අන්ත අසරණ වෙලා | Lanka Newsweek