අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

විපක්ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනව මෙවර හෝමාගම පුරාණ මහා විහාරස්ථානයේ දී

සජිත් ප්‍රේමදාස

සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සඳහම් පවුර බෞද්ධ සංවිධානයේ සභාපති නීතිඥ සුදත් ජයසුන්දර මහතාගේ අනුග්‍රාහකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ධර්ම දේශනය මෙවර වප් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කර ගෙන අද දින හෝමාගම පුරාණ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙවර ධර්ම දේශනය හෝමාගම පුරාණ මහා විහාරාධිපති පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පුජ්‍යපාද මාදොවිට වජිරබුද්ධි නාහිමිපාණන්ගේ අනුශාසනය පරිදි අතුරුගිරිය ධම්මධුර භාවනා මධ්‍යස්ථානයේ කෘත්‍යාධිකාරී පූජ්‍ය ගල්නෑවේ සුගතවිහාරි ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට සැදැහැති බෞද්ධ ජනතාව විශාල පිරිසක් එක්විය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනව මෙවර හෝමාගම පුරාණ මහා විහාරස්ථානයේ දී | Lanka Newsweek