අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

මාසික අන්තර් කාලීන දීමනාව සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ

මාසික අන්තර් කාලීන දීමනාව සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ

තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි. සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ…

තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි. සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගිය දා උපදෙස් ලබා දෙනු ලැබීය.

එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

දැන්වීම

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබා දීම සඳහා 2024//08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොතිබිණි.

පසුගිය 14 වන දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක් වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් මෙම දීමනාව(16) වැනිදා සිට ගෙවීමට කටයුතු කරනු ඇත.

රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උපකාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට (18) සිට මෙම දීමනාව ලබා ගැනීමට හැකියාව පවතී.mudal

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාසික අන්තර් කාලීන දීමනාව සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ | Lanka Newsweek