අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අප සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා

- විපක්ෂ නායක සහතික වෙයි -

සජිත් ප්‍රේමදාස

කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න පෙරට එන බවත් බුදුදහමට ගරුතර ස්වාමීන් වහන්සේලාට හානියක් වන ඕනෑම අවස්ථාවක පෙරට එන බවත් එදා කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ සමයේ ඉස්ලාම් ප්‍රජාවගේ භූමදාන ආදාහන ගැටලුව වෙලාවේදී පවා පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් කල්මුනේ රෝහලේ හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් ගැටුමක් පැමිණි අවස්ථාවේ පවා ඒ සංස්කෘතික ගැටලුව වෙනුවෙන් පවා පෙනී සිටි බවත් අනෝජන්ගේ නිදහස වෙනුවෙන් පවා පෙනී සිට‍ෙ බවත් පාස්කු ප්‍රහාරය අවස්ථාවේ පවා අගතියට පත් ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටි බවත් සැමටම එක හා සමානව සලකන මේ ක්‍රමවේදය සමහර අයට නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්මලාන කොතලාවලපුර සිරි විජිතාරාම විහාරස්ථානයේ ඉදිකරන අටවිසි බුද්ධ මන්දිරය සහ රන්වැට සහිත බෝධි ප්‍රාකාරයට මුල්ගල් තැබීමේ උත්සවය හා එක්වෙමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මියගේ 91 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රු. ලක්ෂ රු. ලක්ෂ 14ක මුදලක් රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ඉදි කිරීම සඳහා ද විහාරස්ථානයේ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා රු. ලක්ෂ 04 මුදලක් පරිත්‍යාග කිරීම සිදු විය.

දැන්වීම

ප්‍රායෝගික බෞද්ධයකු ලෙස සෑම විටම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කටයුතු කරන බවත් කිසිදු අවස්ථාවකදී බුදුදහම සම්බුද්ධ ශාසනය පෞද්ගලික දේශපාලන අභිමථාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ක්‍රමවේද ප්‍රතික්ෂේප කරන බවත් ආගම දහම ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නොව ආගම දහම ශක්තිමත් කර පුනර්ජීවනයට ලක් කර ප්‍රවර්ධණය කර රැක ගැනීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුදහම රැක ගැනීම හා පෝෂණය කිරීම පාලකයන්ගේ වගකීමයි

සමහර අයට අප රටේ පැවැති ව්‍යුහය පැවැත්වෙන ව්‍යුහය ක්‍රමවේදය රටාව ගැන අවබෝධයක් නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිවම බුදුදහමට මුල් තැන ලබා දී ඇති බවත් බුදුදහම පෝෂණය කරන්න ආරක්ෂා කරන්න ප්‍රවර්ධනය කරන්න රැකගන්න නිසි ප්‍රමුඛස්ථානය ලබා දී කටයුතු කිරීම පාලකයාගේ හා රටේ සියලු දෙනාගේ වගකීම බවත් ඊට අමතරව සෙසු ආගම් ජාතීන් ජන කොට්ඨාස ආරක්ෂා කළ යුතු බවත් ඒ නිසි තැන ද රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතා පවා බුද්ධශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කරා

එදා රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ලැබෙන ප්‍රමුඛස්ථානය ලබා දුන් බවත් ඊට අමතරව රටේ එකමුතුභාවය භෞමික අඛණ්ඩතාව රැක ගැනීම තුළ රටේ සෙසු ආගම්වලට ද ඒ ස්ථානය ශක්තිය ලබා දී ඒ ඒ ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධශාසන අමාත්‍යාංශය සේම බුද්ධශාසන අරමුදල ද බිහි කර රටේ පන්සල් 14129ම සුරක්ෂිත කළ බවත් සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන තුළින් ආදයම් ගෙන දහම් පාසල් 10347ම ශක්තිමත් කළ බවත් පිරිවෙන් 824ම රැක ගන්න ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ම පෝෂණය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වූ බවත් එය සෙසු ආගම්වල රාජ්‍ය අමාත්‍යාංශවලින් ද එය සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාති භේදයට ජාති වාදයට ආගම් භේදයට ආගම් වාදයට ඉඩ නොතැබිය යුතුයි

නමුත් ඉන් පසුව ඒ ක්‍රමවේදය කඩාකප්පලු වූ නිසා දැන්වත් ඒ ක්‍රමවේදය අනුගමනය කර බුද්ධශාසන අමාත්‍යාංශයට කැබිනට් ඇමතිකමත් සෙසු ආගම් හා ජන කොට්ඨාසවලට වෙනම රාජ්‍ය අමාත්‍යාංශ බිහි කර ආගම් අතර එකගතාව සහෝදරත්වය නිර්මාණය කළ යුතු බවත් කුමන අවස්ථාවකදීවත් ආගම්වාදයට ජාතිවාදයට ඉඩ නොදිය යුතු බවත් ජාතිවාදයට ජාති භේදය ආගම්වාදය හා ආගම් භේදයට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

ස්වාමීන් වහන්සේලා ගැන තීරණ ගන්න ගිහියන්ට අයිතියක් නෑ

සමගි ජන බලවේගය මේ ප්‍රතිපත්තියේ සිටින බවත් චීවරයට අත තැබූ අවස්ථාවේ පවා සමගි ජන බලවේගය එයට විරුද්ධ වූ බවත් ගිහියන්ට එවැනි තීරණ ගන්න අයිතියක් නොමැති බවත් අධිකරණ ක්‍රියාවලිය තුළ ක්‍රමවේද තුළ ඒවා ක්‍රමානුකූලව විසදිය යුතු වුවත් සමහර එයට මේවා අවබෝධ කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අප සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා | Lanka Newsweek